30 March 2021
GMMADDA KALALAYA KANDEGAMA
ගම්මැද්දේ කළාලය මාර්තු මස වැඩසටහන පැවැත්වීම
————****————
ඌව පළාතේ ජනතාවගේ ජන ජීවිතය සමෘද්ධිමත් කරන ආධ්‍යාත්මයෙන් උසස් අභිමානවත් අදීන ජන සමාජක් ගොඩනැගීමේ අරමුණින් ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව සංවිධානය කරන ලද ගම්මැද්දේ කළාලය වැඩසටහනේ දෙවන අදියර 2026.03.27 දින කන්දේගම විහාරස්ථානයේ දී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට කන්දේගම ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ හා මහගම සුරිධම්ම ස්වාමීන් වහන්සේ වැඩමකර සිටි අතර මහගම සිරිධම්ම ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් සිදුකර මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳ කෙටි අනුශාසනයක් සිදු කරනු ලැබීය.
ගරු සභාපතිතුමාගේ පිළිගැනීමේ හා අරමුණ පැහැදිලි කිරීමෙන් අනතුරුව වර්තමාන සමාජය වෙලාගත් ප්‍රශ්නයක් වන මත්ද්‍රව්‍ය භාවිතය හා එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳ කෙටි දේශනයක් මහියංගන පොලිසියේ පොලිස් සැරයන් බස්නායක මහතා විසින් පවත්වනු ලැබු අතර සිය රාජකාරි ජීවිතයේ ලද අත්දැකීම් උපයෝගී කරගනිමින් පවත්වන ලද මෙම වැඩසටහන රැස්ව සිටි පිරිසගේ ප්රසංශාවට ලක් විය.
රැස්ව සිටි පිරිසට නාට්‍යමය අත්දැකීමක් එක් කිරීමට රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සමත් වු අතර වර්තමාන සමාජයේ දරුවන් මුහුණ දෙන ඛේදනීය අත්දැකීමක් නාට්‍ය සදහා පාදක වූ අතර දරුවන් යහමගට ගැනීමට දෙමව්පියන් හා ගුරුවරුන් දරන උත්සාහය නාට්‍ය තුළින් මනාව පිළිබිඹු විය.
එසේම ගී රසවින්දන වැඩසටහක් පැවැත්වූ අතර ඒ සදහා සම්පත් දායකත්වය ජාතික තරුණසේවා සභාවේ ගායන ශිල්පි සංගීත විශාරද සුසිල් රිදීමාලියද්ද මහතා, ප්‍රවීන ගේය පද රචක , සංස්කෘතික නිළධාරී ධම්මික රිටිගහකුඹුර මහතා, ප්‍රවීන ගායන ශිල්පී අජන්ත රත්නායක මහතා සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය තරුණ බල මණ්ඩලයේ රංගන ප්‍රසාද් මහතා විසින් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඩබ්ලිව්.එම්. නන්දසිරි වික්‍රමසේකර මැතිතුමා, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලය, රිදීමාලියද්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා හා නිළධාරීන්, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් , මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරතුමා ඇතුළු නිළධාරීන්, සෙසු රාජ්‍ය ආයතන වල නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගි විය.
