30 March 2021

රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාව සතු ආඳාඋල්පත ,කෙසෙල්පොත හා ගැමුණුපුර සතිපොළ 2026.01.01 දින සිට 2026.12.31 දින දක්වා වූ වර්ෂයක කාල සීමාවකට බදුදීම.

news images

ටෙන්ඩර් දැන්වීමයි-2026 වර්ෂය

ප්‍රාදේශිය සභාව-රිදිමාලියද්ද

රිදිමාලියද්ද   ප්‍රාදේශිය සභාව සතු පහත උපලේඛනයේ සඳහන් දේපළ 2026.01.01 දින සිට 2026.12.31 දින දක්වා වූ වර්ෂයක කාල සීමාවකට බදුදීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ.

ටෙන්ඩර් අයදුම්පත්‍ර නිකුත් කිරීම:-2025.11.11 දින සිට 2025.11.26 දින මධ්‍යහ්න 12.00                                

                                                      දක්වා

ටෙන්ඩර් අයදුම්පත් බාර  ගැනීම:- 2025.11.26 දින දහවල් 1.00 දක්වා

ටෙන්ඩර් අයදුම්පත්‍ර විවෘත කිරීම:- 2025.11.26 දින දහවල් 1.30

උප ලේඛනය

 

අ.අ

 

සතිපොළේ නම

ටෙන්ඩර් ඇප තැන්පත් මුදල(ආපසු ගෙවන) (රු)   ටෙන්ඩර් ඉල්ලුම්පත්‍ර  ගාස්තුව (ආපසු   නොගෙවන) (රු)    

අවම ලංසු මුදල

01 ආඳාඋල්පත සතිපොළ(අඟහරුවාදා) 15000.00 5000.00 2860110.00
02 කෙසෙල් පොත සතිපොළ (බදාදා) 12500.00 4000.00   420000.00
03 ගැමුණුපුර සතිපොළ (බ්‍රහස්පතින්දා) 10000.00 1000.00   105000.00

 

කොන්දේසි

  1. ටෙන්ඩර් ඉල්ලුම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු අතර ඌව පළාත තුළ ස්ථීර පදිංචි කරුවෙකු විය යුතුය.
  2. ඉහත උප ලේඛනයේ සඳහන් දේපලට ඉදිරියෙන් දක්වා ඇති ගාස්තු රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා කාර්යාලයට ගෙවා නියමිත ඉල්ලුම්පත්‍ර අවසාන වෙලාව දක්වා ලබා ගත හැක.

 

  1. ටෙන්ඩර් ඉල්ලුම්පත්‍ර පිටපත් දෙකකින් ඉදිරිපත් කළ යුතුය.සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍ර මුල් පිටපත හා අනු පිටපත යනුවෙන් නම් කොට ,වෙන වෙනම කවර දෙකක බහා එම කවර දෙකම ලොකු කවරයක් තුළට බහා මුද්‍රා තබා,ටෙන්ඩර් බහා එවන කවරයේ වම්පස ඉහල කෙළවරේ “ආඳාඋල්පත සතිපොළ බදු දීම / කෙසෙල් පොත සතිපොළ බදු දීම / ගැමුණුපුර සතිපොළ බදු දීම” යන්න සඳහන් කර 2025.11.26 දින දහවල් 1.00 ට පෙර ලැබෙන සේ ආඳාඋල්පත පිහිටි රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලීම හෝ ලියාපදිංචි තැපෑලෙන් “සභාපති, රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාව,බදුල්ල පාර,ආඳාඋල්පත” යන ලිපිනයට ලැබෙනසේ එවිය යුතුය.

 

 

  1. ටෙන්ඩර් අයදුම්පත්‍ර සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 08.30 සිට ප.ව.4.15 දක්වා නිකුත් කරනු ලැබේ. ටෙන්ඩර් අයදුම්පත්‍ර ලබා ගැනීමට පැමිණීමේදී තමාගේ ජාතික හැදුනුම්පත හෝ වලංගු ගමන් බලපත්‍රය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.
  2. ටෙන්ඩර් කරුවන් පදිංචිය සනාථ කිරීම සඳහා මෑතකදී (මාස 06 ඇතුළත)ලබාගත් ග්‍රාම නිළධාරි විසින් නිකුත් කරන ලද (ප්‍රාදේශිය ලේකම් විසින් අත්සන් කරන ලද) පදිංචිය පිළිබඳ සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  3. මෙම සභාවෙන් බදු දෙන වෙළඳාම/වෙළඳසැල්/සතිපොළවල් සඳහා වන හිඟ මුදල් ගෙවීමට ඇති හෝ ගිවිසුම් කොන්ද්සි උල්ලංඝනය කර ඇති අය ටෙන්ඩර් ඉල්ලුම් කිරීමට නුසුදුස්සෝ වෙති. ටෙන්ඩර් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ බව අනාවරණය වුවහොත් ටෙන්ඩර් ප්‍රතික්ෂේප කර ඇප මුදල් සභාව සතු කරනු ලැබේ.

 

  1. උප ලේඛනයේ දන්වා ඇති අවම ලංසුවට වඩා අඩුවෙන් ලංසු ඉදිරිපත් කරන්නන්ගේ ලංසු අවලංගු කර ඇප මුදල් සභාව සතු කර ගනු ලැබේ.
  2. කුමන හේතුවක් නිසාවත් නියමිත වේලාවෙන් පසුව ඉදිරිපත් කරනු ලබන ලංසු භාර ගනු නොලැබේ.
  3. ටෙන්ඩර් විවෘත කරනු ලබන අවස්ථාවේදී ටෙන්ඩර්කරුට හෝ ටෙන්ඩර්කරු විසින් ලිඛිතව බලය පවරා ඇති අයකුට ඒ සඳහා පෙනී සිටිය හැකිය. ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසුව පිළිගනු ලැබූ ලංසු ප්‍රකාශයට පත් කරනු ලැබේ.
  • ටෙන්ඩර්පත් පිළිගත් මොහොතේම ආරක්ෂිත ඇප තැන්පතු ලෙස ලංසුවේ සම්පූර්ණ වටිනාකමින් 1/12 ක්ද,එදින සිට දින 14 ක් ඇතුළත සම්පූර්ණ වටිනාකමින් තවත් 2/12 ක්ද ගෙවා ගිවිසුම් ගත විය යුතුය.එසේ නොවුනහොත් කලින් ගෙවන ලද 1/12 ක ආරක්ෂිත ඇප මුදල සභාව සතු කර ගනු ලැබේ.ගිවිසුම් අත්සන් කිරීමේදී ලංසු මුදලේ රු.1000.00 හෝ ඉන් කොටසකට රු.10.00 බැගින් මුද්දර ගාස්තු ගෙවිය යුතුය.

 

  • රාජ්‍ය/ සංස්ථා /ව්‍යවස්ථාපිත මණ්ඩල/ සමූපකාර සමිති වැනි ආයතන හෝ ග්‍රාමෝදය මණ්ඩලය වැනි වෙනස් සමිති සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා නොදෙන අතර ඔවුන්ද ටෙන්ඩර් මඟින් ඉල්ලුම් කළයුතුය.
  • ටෙන්ඩර් මණ්ඩලය සෑහිමකට පත් නොවන, අවම ටෙන්ඩර් ලංසුවට අසාමාන්‍ය ලෙස ඉහල මිල ගණන්වලට ටෙන්ඩර් ප්‍රදානය නොකිරීමේ අයිතිය හා කිසිඳු හේතු දැන්වීමකින් තොරව ඕනෑම ටෙන්ඩරයක් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතිය රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාවේ ටෙන්ඩර් මණ්ඩලය සතුය.

 

  • වැඩි විස්තර කාර්යාල වේලාව තුළදී මෙම කාර්යාලයට පැමිණ හෝ 055-2256614 දුරකථනයෙන් විමසා දැන ගත හැකිය.

 

 

 

 

2025.11.07                                                                                 ඩබ්.එම්.එන්.වික්‍රමසේකර,

සභාපති,

රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාව,

ආඳාඋල්පත/ඌරණිය.

 

 

Top