Departments
සභා තොරතුරු
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 430.03ක වපසරියකින් යුතු වන අතර, එම පරිපාලන බල ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාස 11ක්, ග්‍රාම නිලධාරී වසම් 42ක් හා ගම්මාන 169ක් පවතී. මෙහි පවුල් 18,315කට අයත් 63,144ක ජනගහනයක් ජීවත් වෙති. ඔවුන් සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජනවර්ග තුනෙහිම අයවේ. ඔවුන්ගේ සාක්ෂරතා මට්ටම 80% කි. ප්‍රදේශයේ සේවා නියුක්තිය ජනගහනයට සාපේක්ෂව 58%කි. ඒ සඳහා ප්රමුඛවන කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිය ජනගහනයට සාපේක්ෂව 30%කින් දායක වන අතර සේවා නියුක්තියට සාපේක්ෂව 52%කින් දායක වේ. ඒ අනුව එකී බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සුභසාධනය, සුවපහසුව හා සුඛවිහරණය සලසා දීම වෙනුවෙන් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ පිහිටුවන ලද රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව මගින් මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා හා පොදු මංමාවත් පාලනය කරමින් පරිපාලනය කරමින් විධිමත් කරමින් තම කටයුතු සිදු කරනු ලබයි. ප්‍රාදේශීය සභාවේ ආරම්භය හා මේ දක්වා විකාශනය රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ මූලාරම්භය සනිටුහන් කිරීමේදී මුල් පියවර ගම් සභාවක් වශයෙන් පිහිටුවා එහි ප්රාරම්භක ගම්සභා සභාපතිවරයා වශයෙන් ඩබ්.එම්.කරුණාරත්න මහතා ධූරය හොබවන ලදී. අනතුරුව විශේෂ කොමසාරිස්වරයකු යටතේ සභාවේ වැඩ කටයුතු සිදු කරන ලද අතර එහිදී අදාල ධූරයේ වැඩ මෙහෙයවනු ලබන්නේ උප දිසාපති වරයකු විසිනි. 1991 දී නැවත රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව විධිමත්ව ස්ථාපිත කරනු ලබන අතර එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගරු සභාපති ධූරයට පත්වනු ලබන්නේ එච්.එම් පුංචි බංඩා මහතාය. එතුමාගේ ධූර කාලය අවසන් වීමත් සමඟ නැවත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභාපති ධූරයට එච්.එම්. උපාලි සේනාරත්න මහතා පත්වෙන අතර අනතුරුව පිළිවෙලින් ඩබ්.ඩබ්.එම්. කරුණාසුන්දර මහතා, එච්.එම්. උපාලි සේනාරත්න මහතා, එච්.ඒ. නන්දසේන මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගරු සභාපති ධූරයට පත්වේ.
සභාපතිගේ නම
වසර
W.M.කරුණාරත්න මහතා
1887
H.M.පුංචිබ්ණ්ඩා මහතා
1991
H.M.උපාලි සේනාරත්න මහතා
2000
H.A.නන්දසේන මහතා
2008
Y.M.කරු විරරත්න මහතා
2012
J.M.නිශාන්ත කුමාර ජයසුන්දර මහතා
2018