UNDP complaint

ටෙන්ඩර්

30 March 2021

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට අයත් අරාව කඩ කාමර අවම ලංසු මුදල මත පදනම්ව බදු දීම

news images

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට අයත් අරාව කඩ කාමර අවම ලංසු මුදල මත පදනම්ව බදු දීම සඳහා වන ප්‍රසම්පාදන දැන්වීම
01.රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට අයත් අරාව කඩ කාමර විවෘත ටෙන්ඩර් මඟින් බදු දීම සදහා ප්‍රසම්පාදන අයදුම්පත් භාරගනු ලැබේ.
i.ටෙන්ඩර් පත් නිකුත් කිරීම 2025.01.01 සිට 2025.01.15 දින ප.ව.3.00 දක්වා
ii.ටෙන්ඩර් අයදුම්පත් භාරගැනීම 2025.01.16 දින ප.ව.1.30 දක්වා
iii.ටෙන්ඩර් විවෘත කිරීම 2025.01.16 ප.ව.2.00 ට සිදු වේ.‍
02.ප්‍රසම්පාදන ඉල්ලුම්පත්‍ර ගාස්තු රු.5000.00ක් (ආපසු නොගෙවන) හා ප්‍රසම්පාදන ඇප තැන්පත් මුදල රු.20000.00 ක් (ආපසු ගෙවන) කාර්යාලයට ගෙවා ලදුපත් ලබා ගත යුතුය.
03.ටෙන්ඩර් අයදුම්පත්‍ර නිවැරදිව පුරවා මුල් පිටපත හා අනු පිටපත වශයෙන් ලිපි කවර දෙකක බහා නැවත තනි ලිපිකවරයක බහා මුද්‍රා තබා, සභා ලේකම්, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව ආඳාඋල්පත, උරණිය, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ කාර්යාලය තුළ ඇති ටෙන්ඩර් පෙට්ටියට හෝ 2025.01.16 දින පස්වරු 1.30ට පෙර ලැබීමට සැලැස්විය යුතුයි.
කවරයෙහි වම්පස ඉහළින් “අරාව කඩ කාමර අංක…….. සඳහා ලංසු තැබීම” ලෙසට සඳහන් විය යුතුයි.
04.ටෙන්ඩර් කරන කඩ කාමර සම්බන්ධ තොරතුරු පහත වගුව මත පදනම් වේ.
ගොඩනැගිල්ල
(කඩ කාමර අංක) වර්ග අඩි ප්‍රමාණය
අවම ලංසු මුදල-(මාසිකව)
(එක් කඩ කාමරය සඳහා)
1

2 අංක 1 -80.73

අංක 2 -155.97 අංක 01 – කඩ කාමරය සඳහා-රු 3500.00
අංක 02 – කඩ කාමරය සඳහා – රු7000.00

05.ඒ ඒ කඩ කාමර සඳහා තේරි පත්වන බදුකරුවන් අදාළ කඩ කාමරය සඳහා වූ ලංසු මුදලන් මාස 04 ක මුදලක් ඇප ටෙන්ඩර් පිළිගත් අවස්ථාවේදීම ගෙවිය යුතුයි.
06.ටෙන්ඩර් පිළිගැනීමෙන් පසු දින 14ක් ඇතුළත ඉතිරි මාස 08 ක මුදල ගෙවා ගිවිසුමකට එළඹිය යුතුයි,එදිනම යතුරු භාර දීමට කටයුතු කරනු ඇත.
07.වැඩි විස්තර සඳහා -055 2256614 වන දුරකථන අංකයට කාර්යාල දිනයන්හි පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා කාර්යාලය ඇමතීමෙන් ලබාගත හැකිය.
සභා ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය
ක්‍රියාත්මක කිරීමේ නිළධාරි,
ටෙන්ඩර් මණ්ඩලය,
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව
ආඳාඋල්පත- ඌරණිය.

 

Top