Departments
ජනවිකාස තොරතුරු
ජනගහන
64894
ඝනත්වය
පදිංචි පවුල් ඒකක ගණන: 19593
MC පරිපාලන ප්‍රදේශය
වර්ග කිලෝ මීටර්: 430.07
වෙනත් තොරතුරු
සභාව සංස්ථාපනය කළ දිනය: 1991 සේවක සංඛ්‍යාව: 59 ඡන්ද කොට්ඨාස ගණන: 11 ග්‍රාම සේවා වසම් ගණන: 42 ආයුර්වේද බෙහෙත් ශාලා ගණන:01 සභාව සතු පොදු වෙළෙඳ පොළ ගණන: - සති පොළ ගණන:03 මස් කඩ ගණන: මාළු කඩ ගණන: ... ... ... මහජන ක්‍රීඩාංගණ ගණන: 01 පුස්තකාල ගණන:01 කියවීම් ශාලා ගණන: - ප්‍රජා ශාලා ගණන: 01
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 430.03ක වපසරියකින් යුතු වන අතර, එම පරිපාලන බල ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාස 11ක්, ග්‍රාම නිලධාරී වසම් 42ක් හා ගම්මාන 169ක් පවතී. මෙහි පවුල් 18,315කට අයත් 63,144ක ජනගහනයක් ජීවත් වෙති. ඔවුන් සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජනවර්ග තුනෙහිම අයවේ. ඔවුන්ගේ සාක්ෂරතා මට්ටම 80% කි.
ප්‍රදේශයේ සේවා නියුක්තිය ජනගහනයට සාපේක්ෂව 58%කි. ඒ සඳහා ප්රමුඛවන කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිය ජනගහනයට සාපේක්ෂව 30%කින් දායක වන අතර සේවා නියුක්තියට සාපේක්ෂව 52%කින් දායක වේ.
ඒ අනුව එකී බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සුභසාධනය, සුවපහසුව හා සුඛවිහරණය සලසා දීම වෙනුවෙන් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ පිහිටුවන ලද රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව මගින් මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා හා පොදු මංමාවත් පාලනය කරමින් පරිපාලනය කරමින් විධිමත් කරමින් තම කටයුතු සිදු කරනු ලබයි.